Pages

Friday, February 8, 2013

පේරාදෙණියේ දැවැන්ත විරෝධතාවයට පෙර රජරට සිසුහු වීථි බසිති




2011 උසස් පෙල අර්බුදයෙන් පීඩාවට පත් සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරමින් අමතර 5069 ක අපේක්ෂක සංඛ්‍යාවක් සරසවි වලට ඇතුලු කර ගත යුතු බවට වූ අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ඉන් අඩකටත් වඩා අඩු පිරිසකට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන ඇමති ප්‍රමුඛ බලධාරීන් අර අදිමින් සිටියි. අදාල අර්බුදයට සෘජුවම වග කිව යුත්තේ මුග්ධ බලධාරීන් වුවද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 2011 උසස් පෙලට පෙනී සිටි සහෝදර සහෝදරියන්ටය. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නැවත ගෙන ඒමේ උත්සාහයත් ආණ්ඩුවේ  සාහසික ශිෂ්‍ය මර්දනය ඇතුළු සමස්ත රාජ්‍ය අධ්‍යාපනයේ අර්බුදයන් රැසක් මේ මොහොතේ උද්ගතව ඇත.                                                              
                       මේවාට විරෝධය පල කිරීම සඳහා රජරට සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් සැලකිය යුතු ශිෂ්‍ය සහභාගීත්වයක් සහිතව අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණ.  විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසලින් ආරම්භ වී පා ගමනින් මිහින්තලේ නගර මධ්‍යයට පැමිණි විරෝධතාකරුවන් විරෝධතාවයෙහි නිරත වූහ.
     

                   ඉදිරියේදි  රට පුරා මෙවැනි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත අතර නුදුරේදීම පේරාදෙණියේ දැවැන්ත සිසු බලය වීථි බැසීමට නියමිත බව එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා පැවසීය.

Thursday, February 7, 2013

නීතිමය පියවර නොගෙන රඳවාගෙන සිටින සිසුන් වහා නිදහස් කළ යුතුයි- ඇම්නෙස්ටි ජාත්‍යන්තරය


















                          ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නියෝග මත ක්‍රියාත්මක ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ  වැලිකන්ද හමුදා  කඳවුරේ මේ මොහොත වන විටත් රඳවාගෙන සිටින යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ( යාපනය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී.දර්ශානාන් සහ සහ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් කේ. ජෙනමි ජයන්)  වහා  නිදහස් කරන ලෙස මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

                  සිසුන් නිදහස් නොකරන වට පිටාවක් තුල ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයන් වඩාත් විනිවිදභාවයෙන් සිදු කල යුතු හෙයින් චෝදනා වලට අදාලව  අන්තර්ජාතික මට්ටමේ විමර්ශනයක අවශ්‍යතාව එම සංවිධානය විසින් නිවේදනය කොට ඇත. සිසුන්ට නීතී සහාය හා වෛද්‍යවරුන් හමුවීමේ පහසුකම් සැලසිය යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටී.

Tuesday, February 5, 2013

"අළුයම"ක හමුවෙමු...


                       මේ දවස් වල කාගෙ කාගේත් සිංහයා එලියට පැනලාය. බැලු බැලු අත හෙන පත සයිස් සිංහ කොඩිය. සිංහ කොඩි ගහගත්තු ත්‍රීවිල් මල්ලිලා හයර් එනතුරු හන්දියේ ඉන්නේ මහා අභිමානයෙන්ය. "මේ සිංහල අපගේ රටයි" වැනි ජාත්‍යානුරාගී ස්ටේටස් ෆේස්බුකියේ සූ ගාලා ශෙයා වෙන්නේ උණු උණුවෙන්මය. කාට කාටත් හෙනටම සැටිස්ය.නිදහස වුනාට ඒක සමරන්ට මෙයාලා සෑහෙන බිසී වෙලාය.මේ හරි සෝක් දවස් වල "අළුයම" නමින් බ්ලොගක් ආරම්භ කරන්ට හිතුනේ මේ දැනෙන නිදහස් කිතියේ චූන් එක හන්දමය.
              

                         ෆේස්බුකියේ ෆේක් ප්‍රොෆයිලයක රසය නිදහස දන්නේ එහෙම ඉන්න උන්ය.මමත් එහෙම ෆේක් එව්වා දෙක තුනකින්ම බුකියේ මෙගා ගේම් දෙන්ට දත කාපු හැඩ ඩයල් එකක් බව කීමට මට ලජ්ජා නැත.එක්තරා කාලයක ඉර ඩොටේ යනකම්ම මගේ ඩියුටිය වුනේ එක එකාත් එක්ක බුකියේ දේශපාලන සංවාද කිරීමය.සංවාද අල කිරීමය. ඇරියස් පිටම මාත් එක්ක ඇරගත්තු එවුන් එමටය. කොහොමින් කොහොම හරි කැම්පස් එකේ ඉන්න බැබුන් ලාට අමතරව එලකිරි බොක්කේ මිතුරු මිතුරියන් ටිකක් සෙට් කරගන්ට හැකි වුනේ ඒ හන්දය.
                  

     මේ ලොරි ටෝක්ස් දෙන්ට ගත්තේ පොරවෙන්ට තියෙන කැහිල්ලක් නිසාවත් පම්පෝරි ගසා ගොන් පාට් වීමටවත් නොවේ. දේශපාලන අගයකින් යුතු පෝස්ටුත් මෙහි දාන්ට හිතා ගෙන  ඉන්න නිසා දැනුවත්භාවය පිලිබඳ අංශු මාත්‍රයක හෝ සලකුණක් ආරම්භයේදීම තියන එක හොඳ හන්දාය.
                 

              ගිනි ගිනි බෝලෙ රැලි රැලි මාලේ කලේ ඒ කාලේ චූටි සන්දියේය. දැන් අපි ලොකුය. ඒ නිසා බ්ලොග් ලියන එකේ ආයෙ අමුතු මැජික් එකක් නැත . මොනා වුනත් ඔබ තමුන්නාසේලා ඉස්සරහටත් "අළුයම" කියවනවා නං එච්චරය. ජයවේවා...!!

Monday, February 4, 2013

අබිරහස් ගංකබර පඩ

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18)

අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ(2010 ජනවාරි 24)




ප්‍රේමදාස ලා පඩ ඇරියේ හෙන සද්දෙන්‍ ය. එනිසා ඒවා කාටවත් රහසක් වූයේ නැත. එහෙත් මහින්ද ප්‍රමුඛ ගං කබරයන් හීන් සීරුවේ අරින පඩ ජනතාවට ඇහෙන්නේ නැත. ගන්දස්සාරයෙන් රටම නැහැවුනද ඇරපු එකා කවුදැයි ලංකාවේ මෝඩ බයියලාට නිච්චියක් නැත.ආයෙමත් උන්ටම පුදන්ට ඉන්න තොපිට අබ සරණය.

අහිංසක ජනක උන්නැහේ

























                             ජනක අබේවර්ධන හා මෙවර  උසස් පෙල  ප්‍රථිඵල අලෙලා ඊ නිව්ස් පෝස්ටුවක් දමා තිබුණි. ඇත්ත කාරණය නම් ජනක ව්‍යවහාරික ගණිත ගුරුතුමා හැරුණු විට දකුණු පලාතටම වෙනත් විශාල ව්‍යවහාරික පුද්ගලික  පන්තියක් පවත්වාගෙන යන එකඳු ගුරුවරයකු හෝ  සොයාගන්ට නැති වීමයි. මන්ද දශකයක පමණ කාලයක් පුරාවට දකුණේ ගණිත සිසුන්ගේ එකම අවශ්‍යතාව , අපේක්ෂාව ජනක වී ඇත.                    
                          ඔහු දුර්ලභ ගණයේ නිර්මාණශීලි බුද්ධිමතෙකි. අතිදක්ෂ ගණිතඥයෙකි. ඒ සියල්ලටම වඩා මානව දයා ගුණයෙන් පිරිපුන් අතිශය සිත්ගන්නා සුළු පෞරුෂයකින් හෙබි ආදරණීය මිනිසෙකි. සුවහසක් සිසුන්ට බෞද්ධ දර්ශනය හඳුන්වා දෙමින් යහමග පෙන්වන පින්වන්තයෙකි. ගං කබරයින් ගේ හාල්පාරු වැඩ වලට ඔහු සම්බන්ද යැයි සිතීම සැබවින්ම ඉතා අපහසුය.

 (ඊ නිව්ස් පෝස්ටුව - http://www.facebook.com/photo.php?fbid=474401365958367&set=a.219828384749001.57957.219430344788805&type=1&relevant_count=1 )

ඔක්කොම නෙවෙයි


















                 සමහර ජෙප්පනුත් හරියට හම්බයො වගේමය. හද්ද පණ්ඩිත මුන්ගේ අල්ලා මාක්ස් ය. නබියා ලෙනින් ය.
Powered by Blogger.

Popular Posts

Blogroll