Pages

Friday, February 8, 2013

පේරාදෙණියේ දැවැන්ත විරෝධතාවයට පෙර රජරට සිසුහු වීථි බසිති




2011 උසස් පෙල අර්බුදයෙන් පීඩාවට පත් සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරමින් අමතර 5069 ක අපේක්ෂක සංඛ්‍යාවක් සරසවි වලට ඇතුලු කර ගත යුතු බවට වූ අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ඉන් අඩකටත් වඩා අඩු පිරිසකට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන ඇමති ප්‍රමුඛ බලධාරීන් අර අදිමින් සිටියි. අදාල අර්බුදයට සෘජුවම වග කිව යුත්තේ මුග්ධ බලධාරීන් වුවද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 2011 උසස් පෙලට පෙනී සිටි සහෝදර සහෝදරියන්ටය. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නැවත ගෙන ඒමේ උත්සාහයත් ආණ්ඩුවේ  සාහසික ශිෂ්‍ය මර්දනය ඇතුළු සමස්ත රාජ්‍ය අධ්‍යාපනයේ අර්බුදයන් රැසක් මේ මොහොතේ උද්ගතව ඇත.                                                              
                       මේවාට විරෝධය පල කිරීම සඳහා රජරට සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් සැලකිය යුතු ශිෂ්‍ය සහභාගීත්වයක් සහිතව අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණ.  විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසලින් ආරම්භ වී පා ගමනින් මිහින්තලේ නගර මධ්‍යයට පැමිණි විරෝධතාකරුවන් විරෝධතාවයෙහි නිරත වූහ.
     

                   ඉදිරියේදි  රට පුරා මෙවැනි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත අතර නුදුරේදීම පේරාදෙණියේ දැවැන්ත සිසු බලය වීථි බැසීමට නියමිත බව එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා පැවසීය.

0 comments:

Post a Comment

Powered by Blogger.

Popular Posts

Blogroll